මම ටෝච් එකක් අරන් ආවේ ලයිට් කපන නිසා

0
498

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගර්භයට විදුලි පන්දමක් රැගෙන ඒම හේතුවෙන් අද (24) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

ඒ හේතුවෙන්, පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කතා නායකවරයා කටයුතු කළේය.

මන්ත්‍රීවරයා සභා ගර්භයට දන්වා සිටියේ විදුලිය විසන්ධි වූ විට වැසිකිළියේ භාවිතා කිරීමට හැකිවන පරිදි විදුලි පන්දම අද දිනයේ කටයුතු සඳහා රැගෙන ආ බවයි.

“ඔය ප්‍රශ්නේ තිබුණේ මගේ බෑග් එකේ ටෝච් තුනක් තිබ්බ යි කියලා. මම ටෝච් එකක් අරන් ආවේ ලයිට් කපන නිසා. ඉතින් මම ටෝච් එකක් අරන් එන එක වැරදි නැහැ. මේ ටෝච් එක ගහලා තමයි, ටොයිලට් එකට ලැට් එකට ගිය වෙලාවේ කරනට් ගියොත් එහෙම ටොයිලට් කරන්නේ කොහොම ද? ඒකයි මේ ටෝච් එකක් අරන් ආවේ.”

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කථානායකවරයාට දන්වා සිටියේ එවැනි උපකරණ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් සභා ගර්භය තුළට රැගෙන ඒමට ඉඩ නොදෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අතර උණුසුම් බහින් බස්වීමක් ද ඇති විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here