Monday, September 23, 2024

මම සජබෙ පඹයෙක් නෙවෙයි. යතුර මාරු කරත් පක්ෂයේ ඔප්පුව තියෙන්නේ මගේ අතේ – ඩයනා ගමගේ

තමා සමගි ජන ජනබලවේගයෙන් ඉවත් කරනවා යැයි කීම” ජෝක් ” එකක් යැයි පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය ඒකාධිපතිත්වය කරා ගෙන ගොස් ඇති බව කී ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය කෑලි කෑලි වලට කැඩී ගොස් ඇති මොහොතේ තමාට විනය පියවර ගැනීමට කතා කිරීම විහිළුවට කාරණයක් බව ද සඳහන් කළාය.

පක්ෂයේ අයිතිකරුවන් වූ තමාට විනය පියවර ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඩයනා ගමගේ මහත්මිය මේ විහිළු නවතා දැන්වත් විපක්ෂයේ කාර්යභාරය හරියට කරන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළාය.

“කී දෙනෙක් දන්නවා ද මේ ගැන. මම අද උදේ කතා කරලා අහද්දි කෘතියාධිකාරී මණ්ඩලයේ ඉන්න සමහර අය දන්නේ නෑ. නමුත් කෘතියාධිකාරී මණ්ඩලයෙන් තීන්දුවක් අරගෙන තියෙනවා කියලා කියනවා මාව නෙරපන්න මේ පක්ෂයෙන්. ඇත්තටම ලැජ්ජයි. බබාලා වගේ හැසිරෙන්නේ. මගේ මහත්තයාගෙත් මගෙත් මේ පක්ෂය ගැන උදාහරණයක් හැටියට කිව්වොත්, මහ වැස්සක් අතරතුර නන්නත්තාර වෙලා හිටිය කොටසකට මගේ ගෙදර මම ඉඩදෙනවා ඇවිත් ඉන්න ඒ වැස්සට. එහෙම කොටසක් මං එළියට ගිය වෙලාවේ මගේ ගෙදර යතුර මාරු කරලා ඒ ගොල්ලන්ගේ ගෙදර කියනවා දැන්. හැබැයි මං කියන්න කැමතියි මහලේකම්තුමා ඇතුළු සජබ සියලුදෙනාට මතක තියා ගන්න ඔප්පු තියෙන්නේ මගේ අතේ. අන්න ඒක හොඳට මතක තියා ගන්න. මේ කරන විහිලු නතර කරන්න. ඔබතුමාගේ සජබ පක්ෂය ඇතුළත ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා. මේවා කෑලි කැඩිලා අද වෙනකොට.”

“සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණයක් අරන් තියෙනවලු මාව පක්ෂයෙන් එළියට දාන්න. සජබ මහලේකම් ඇතුළු පක්ෂයේ සියලු දෙනාට ම කියන්න කැමැතියි ඔප්පුව තියෙන්නේ මගේ අතේ කියලා. මේක මගේත්, මගෙ මහත්තයාගේත් පක්ෂය. මේ කරන විහිළු නවත්තන්න”,

මෙි අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ එම පක්ෂයෙන් නෙරපූ බවට සජබ මහාලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර දන්වා තිබෙන බව මාධ්‍ය ප්‍රචාරය කළා. නමුත් ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ එවැන්නක් පිළිබද ලිපියක් ඇයට තවමත් ලැබී නැති බවයි

කෙසේ වෙතත් 8 වනදා සවස වන විටත් මැතිවරණ කොමිසමට එම ලිපිය ලැබී නැති බව සියත ප්‍රවෘති වෙත මැතිවරණ කොමසාරිස් පුංචිහේවා මහතා ප්‍රකාශ කළා. ඔහු පවසන්නේ එය දැනුම් දුන් පසු මසක් ඇතුලත ඩයනාට අධිකරණයට යා හැකි බවයි. එහෙත් අධිකරණයට නොයා සිටියහොත් පක්ෂයේ මහාලේකම්ගේ නියමය පරිදි ඇයව ඉවත් කල හැකි බවද ඔහු පවසනවා

කෙසේ වෙතත් ඩයනා පැවසුවේ තමන්ගේ පක්ෂය අනාතවූ පිරිසකට ලබා දුන් පසු ඔප්පුව හොරෙන් ලියාගෙන ඇති බවයි. එහෙත් නිල වශයෙන් තවමත් නිත්‍යානුකුල ලියකියවිලි ඩයනා සජබෙන් නෙරපීම සම්බන්ධයෙන් හුවමාරු වී නැ. ඒ අනුව සජබ අභ්‍යන්තර සිතල අර්බුධය එක වරම නෙරපිමක් සම්බන්ධ සිද්දියත් සමග කරලියට පැමිණ තිබෙනවා.

ඩයනා ගමගේ මහත්මිය පසුගිය මහ මැතිවරණයෙන් පසු සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රිවරියක ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

ඇය පිළිබඳ ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වූයේ ආණ්ඩුව ගෙන ආ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කිරීමත් සමඟිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles