Sunday, September 22, 2024

මම හඳක් වගේ බබලමින් වැජඹෙන නිසා සරත් ෆොන්සේකා බයවෙලා ඊර්ෂ්‍යා කරනවා – සරත් වීරසේකර

තමන් සමාජය තුළ සඳක් සේ බබලමින් වැජඹෙන නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන්ට ඊර්ෂ්‍යා කරන බවත් ඒ ඊර්ෂ්‍යාව දැන් වෛරයකට පෙරළී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පසුගිය රජය පැවති කාලයේ සරත් ෆොන්සේකා මහතා “දණින් වැටිලා අඬ අඬා ඉල්ලපු මහජන ආරක්ෂකකම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මට දුන්නු නිසා තමයි ඒ ඉරිසියාව මතුවෙලා තියෙන්නේ” යනුවෙනි.

පාර්ලිමේන්තුව තුළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තමාට අපහාස කරන්නේ ‘තමා සමාජයේ වැජඹෙන පුද්ගලයෙකු බවට පත්ව ඇති බැවින් යැයි ස්වාමීන් වහන්සේ නමක් තමාට පැවසූ බව’ ඔහු පැවසී ය. 

“ඊයේ මම මේ සභාගර්භයේ නොමැති අවස්ථාවක සරත් ෆොන්සේකා ඔහුට ලැබී තිබුණු කාලයෙන් වැඩි කොටසක් භාවිතා කරලා තිබුණේ මට ඉතා නින්දිත ලෙස පහත් ලෙස අපහාස කරන්නට. ඔහු නිර්මාණය කරපු බොරු මත තමයි මට ඒ අපහාසය කළේ. එක්කෝ ඔහුට බයයි, එහෙම නැත්නම් මට ඊරිසියාවයි. අද ඒ ඊරිසියාව වෛරයකට පෙරළිලා තිබෙනවා.

මට මෙහෙම අපහාස කරනකොට මගේ හාමුදුරුනමක් පසුගිය දවසක මට කිව්වා, සරත් වීරසේකර මහත්තයෝ ඔබට ෆොන්සේකා අපහාස කරනවා. හැබැයි ඔබ කළකිරෙන්න එපා, ඔබ සතුටු වෙන්න. ඒ මොකද, සඳක් අහසේ පායලා බබළනකොට තමයි නරි හූ කියන්නෙ සහ බල්ලෝ බුරන්නෙ. ඒක නිසා පාර්ලිමේන්තුවේ එහෙම කරනකොට ඔබතුමා කළකිරෙන්න එපා, ඔබතුමා සමාජයේ වැජඹෙන නිසා තමයි එහෙම කරන්නෙ කියලා ඒ හාමුදුරුවො – ඉතාම සුප්‍රසිද්ධ හාමුදුරුනමක් – මට ඇත්ත වශයෙන්ම කතාකරලා කිව්වා”

ෆොන්සේකා ත් හමුදා නිලධාරියෙක්. මම ත් හමුදා නිලධාරියෙක්. අපි හමුදාවට බැඳෙනකොට කියනවා ඔබ නිලධාරියෙක් වගේ ම මහත්මයෙක් විය යුතුයි තියලා තමයි කියන්නේ. නිලධාරියෙක් නම් නායකයෙක් වෙන්න ඕනේ. මහත්මයෙක් නම් මහත්මා ගතිගුණ තියෙන්න ඕනේ. නිලධාරියෙක් නම් මහත්මයෙක් වශයෙන් සදාචාර සම්පන්න වෙන්න ඕනේ.”

සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles