මයිනාගෝගම ගලවයි… නැවත හයිකරයි… පොලිසිය සමග විවාද…

0
681
mainagogama

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධතාවය සඳහා සවි කර තිබූ අට්ටාලයක් අද (01) උදෑසන ගලවා දමා තිබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා

මේ හේතුවෙන් අද අලුයම් කාලයේ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර විරෝධතාකරුවන් චෝදනා කළේ, පොලීසිය විසින් එම අට්ටාලය ගලවා එය හානි සිදු කර ඇති බවයි අට්ටාලය අද අලුයම ඉවත් කිරීමත් සමඟ ඔවුන් මේ වන විට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයේ නිරත වනවා.

කෙසේනමුත් අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස තිබූ අට්ටාලය නැවත එම ස්ථානයේ සවි කිරීමට මහජන විරෝධතාකරුවන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

මයිනාගෝ ගම ලෙස හැඳින්වූ මෙම ස්ථානයේ සවිකර තිබු තාවකාලික අට්ටාලය අද උදෑසන පොලිස් නිලධාරීන් විසින් ගලවා දැමීමට කටයුතු කළා.

ඉන් පසු මීට ටික වේලාවකට පෙර විශාල පිරිසක් පැමිණ යළිත් එම ස්ථානයේ අට්ටාලයක් සවි කළ කර අතර මේ වන විට ඔවුන් එම ස්ථානයේ විරෝධතාවක නිරත වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here