මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර නිදහස් කරනවාද නැද්ද ? – අවසන් තීන්දුව මාර්තු 31

0
248

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති අභියාචනා පිළිබඳ තීන්දුව මාර්තු 31 වනදා ප්‍රකාශයට ප්‍රකාශයට පත්කරන බව අද අභියාචනාධිකරණය නිවේදනය කළා. ඒ තමන්ට නියම කර ඇති මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පිළිබඳ විභාගය අවසන් කිරීමෙන් අනතුරුවයි.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම අභියාචනා විභාගය පැවැත්වුණා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මොවුන්ට මරණ දඬුවම නියමවී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here