Sunday, September 22, 2024

මරණ 39 සමඟ ආසාදිතයනුත් ඉහළට….

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනයේ (28) තවත් කොරෝනා මරණ 39 ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1363 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ අතරින් ඊයේ දිනයේ (28) සිදුව ඇත්තේ, මරණ 3 ක් පමණි.

අනෙකුත් මරණ 36 වාර්තා වී ඇත්තේ, පසුගිය අප්‍රේල් 29 වනදා සිට මැයි 27 දක්වා කාලය තුළයි.

එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය..

අප්‍රේල් 29 – මරණ 01
මැයි 20 – මරණ 01

මැයි 21 – මරණ 02

මැයි 22 – මරණ 03
මැයි 23 – මරණ 03
මැයි 24 – මරණ 03
මැයි 25 – මරණ 08
මැයි 26 – මරණ 08
මැයි 27 – මරණ 07

එම මරණ වාර්තා වී ඇත්තේ, හංදෙස්ස, වාද්දුව,පල්ලෙවෙළ, දඹදෙණිය, ගෝනවල,කොළඹ – 09, ගලහ, රාජගිරිය, කුරුණෑගල, කරදවෙල, ගාල්ල (මරණ දෙකයි), කල්ඒළිය, දිවුලපිටිය, අත්තනගල්ල, පේරාදෙණිය, පට්ටියවත්ත, මහනුවර, බලංගොඩ, දොඩං‌ගොඩ, කළුතර, බඩල්ගම, කොළඹ – 13 ,වාද්දුව,ඉමදූව , දැරණියගල, පේරිය, කළුගස්වැව, කඩුගන්නාව, තලාතුඔය, දොඩන්දූව, බටපොළ, හපුගස්පිටිය, ගල්කිස්ස, කොට්ටාව, දීගල, මල්වාන, ගම්පොළ (මරණ 2යි)

මිය ගිය පිරිස අතර අවුරුදු 30 ත් 35ත් අතර කාන්තාවන් දෙදෙනෙක් ද වෙති.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 2845 දෙනෙකු ඊයේ (27) හඳුනා ගැනුණු අතර ඒ් අනුව , මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 177,711 ක් දක්වා ඉහළ ගි‌යේ ය.

සුවය ලැබු සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 146,362 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව29,986 කි.

එමෙන්ම,

ගෙවුණු දිනයේ (28) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2, 850 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දේශීය පුද්ගලයින් අතරිනි.

ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනා ගෙන තිබේ.

⭕ කළුතර දිස්ත්‍රික්කය – 512 යි. (වැඩිම ආසාදිතයින්)
⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 443 යි.
⭕ කොළඹ දිස්ත්‍රික්කය – 281 යි.
⭕ මහනුවර දිස්ත්‍රික්කය – 271 යි.
⭕ නුවරඑළිය දිස්ත්‍රික්කය – 191 යි.
⭕ කුරුණෑගල දිස්ත්‍රික්කය – 177 යි.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles