මවගේ කැමැත්තෙන් පාසල් සිසුවියට අතවර කරලා .!

0
603

වයස අවුරුදු 12 ක බාල වයස්‌කාර පාසල් සිසුවියක්  දැරියගේ මවගේම කැමැත්ත මත ලිංගික අතවර සිදුවූ පුවතක් වාර්තා වෙනවා. ඒ මහවැව ප්‍රදේශයෙන්.
මෙලෙස මවගේම කැමැත්තෙන් පාසල් සිසුවියක් රැගෙන ගොස් දූෂණය කර තිබෙන්නේ 19 හැවිරිදි තරුණයෙක් බව සදහන්.

පසුගිය මැයි මාසයේ 05 දින හලාවත නැගෙනහිර කරවිටාගාර වසමේ ග්‍රාම නිලධාරිනිය හලාවත පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ. තම වසමේ වයස අවුරුදු 12 ක පාසල් දැරියක්‌ ඇයගේ මවගේ කැමැත්ත මත පිරිමි ළමයකු සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වන බවත් ඔහු ඇයගේ නිවසට යන එන බවත් දැරියගේ මව දැරියව නිසි ආකාරයෙන් රැක බලා නොගන්නා බවත් දැරියගේ පියා මියගොස්‌ ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ. මේ පිළිබඳව පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් විමර්ශන කිරීමට යොදවා සිටියදී 05 දින උදේ 9.30 ට පමණ දැරියගේ මව සිය දියණියව 19 හැවිරිදි තරුණයාගේ ග්‍රහණයට පොළඹවා ඇත.

කෙසේ වෙතත් මේ පිළිබදව පරීක්ෂණ සිදු කෙරූ පොලිසීය ලද තොරතුරක්‌ මත , අදාළ සැකකරු හා දැරිය මහවැව කුඩාවැව සුසාන මාවත ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.  සිය දියණිය ලිංගික අපයෝජනය කිරීමට අනුබල දීමේ වරදට දැරියගේ මවද අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඇයව ඇපමත මුදාහැර තිබෙන බව සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here