මව්බිම රනින් බැබලවූ ක්‍රිඩකයන්ට තවත් තෑග්ගක්

0
351

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කුට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ එකතුව මෝටර් රථ දෙකක් ප්‍රදානය කළහ.

දිනේෂ් සහ දුලාන් ඇතුළු ලංකා පැරාලිම්පික් කණ්ඩායම අද (07) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මීට අමතරව දිනේෂ් ප්‍රියන්තට සහ සමිත දුලාන් කොඩිතුවක්කුට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව ජයග්‍රහණය කරන ලද ක්‍රීඩකයන් දෙදෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුවන් දෙදෙනාට මෙලෙස මූල්‍ය ත්‍යාග පිරි නැමීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here