මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමෙි ආඥාවක් ජනපති නිකුත් කරයි

0
345

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව  ජනාධිපතිවරයා  සතු බලතල ප්‍රකාරව සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා අද (8) පාර්ලිමෙින්තුවේදී නිවේදනය කළේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.

ජනාධිපතිවරයා මීට පෙරද අවස්ථා කිහිපයකදී සන්නද්ධ හමුදාව කැඳවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here