මහජන බැංකු ඩිජිටල් ගැටලුව – කෝප් කමිටුව වාර්තාවක් ඉල්ලයි

0
346

මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කඩිනමින් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඊයේ (22දා) දැනුම්දී තිබේ.

මහජන බැංකුවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවේ ඊයේ පෙනී සිටි අවස්ථාවේ ඉහත සිද්ධියට අදාළ සියලු ලිපිලේඛන ලබාදෙන්නැයි දැනුම්දුන් බව වාර්තා වේ.

මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කර තිබෙනවාද, ඒ සඳහා මහජන බැංකුවට වාසිදායක ක්‍රමය තෝරාගත්තාද, වෙනත් විකල්ප ක්‍රම පිළිබඳව සොයාබැලුවාද යන කරුණු පිළිබඳ කෝප් කමිටුව දීර්ඝ වශයෙන් ඊයේ විමසා සිටි බවද වාර්තා වේ.

එම ප්‍රශ්න සඳහා කෝප් කමිටුවට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් මහජන බැංකුවේ නිලධාරීන්ගෙන් නොලැබුණු බවත්, මේ සඳහා මුදල් ගෙවීමක් සිදුකර නැතැයි එම නිලධාරීන් ප්‍රකාශ කළ බවත් කෝප් කමිටුවේ සාමාජිකයෙක් පැවසීය.

මේ පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වා සති 02 ක් ඇතුළත එම වාර්තාව ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව දැනුම් දී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here