මහනුවර ඇසළ පෙරහර හෙට 08 ඇරැඹේ

0
328

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පෙරහර ආරම්භය සනිටුහන් කරමින් හෙට (08) දින සිට කුඹල් පෙරහර වීදි සංචාරය කෙරේ. පස්වරු 6.15 ට දේවාල පෙරහර පිටත් වීමට නියමිත අතර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීමට නියමිත ය. හෙට සිට 12 වැනිදා දක්වා දින 05ක් කුඹල් පෙරහර වීදි සංචාරය කරන අතර රන්දෝලි පෙරහර ලබන 13 දා ආරම්භ වේ.

අවසන් රන්දෝලි පෙරහර 17දා නිකිණි පුර පසළොස්වක පෝදා සියලු පෙරහර සකලාංගයන්ගෙන් සමලංකෘතව වීදි සංචාරය කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here