මහනුවර දැරියන් මුදලට විකිණුන සැකකරු චන්දිමාල් ගමගේ පොලිස් දැලේ

0
544

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මානව නායකත්ව පුහුණු විද්‍යා පීඨය නම් පුද්ගලික ආයතනයක නේවාසික පාඨමාලාවකට සම්බන්ධව වී සිටි දැරියන් නව දෙනෙකු අතවරයට ලක් වී තිබෙනවා.මෙම ආයතනයේ හිමිකරු චන්දිමාල් ගමගේ   මහතා අද 03 සවස මහනුවර පොලීසියට බාරවී තිබෙන අතර ඔහු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි chaminda 2chaminda 3chandimal gamage 5

අවුරුදු 15 ත් 17 ත් අතර වයසේ පසුවන එම දැරියන් දිවයිනේ විවිද ප්‍රදේශවල සිට පැමිණ නේවාසිකව මෙම ආයතනයේ නායකත්ව පුහුණුපාඨමාලාව හදාරා ඇති අතර ඒ සඳහා ගෙවා ඇති මුදල රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක් පමණ වනවා.

පසුගිය වර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ සිසුවියන්ගේ මානසිකත්වය වර්ධනය කරන බවට පුවත්පත්වල පල කළ දැන්වීමක් මගින් මෙම ආයතනය සිසු සිසුවියන් බඳවාගෙන තිබෙනවා.

මෙලෙස නේවාසිකව සිටිද්දී මෙම දැරියන්ව පසුගිය පොසොන් දින සහ තවත් දිනයක රාත්‍රියේ වාහනයක දමාගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති බවට මේ වන විට තොරතුරු හෙළිව ඇති බවයි දෙමාපියන් පවසන්නේ.

එහිදී මහනුවර ප්‍රදේශයේ ප්‍රභූන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට මෙම දැරියන්ව  මුදලට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

මේ සියල්ල රහසේම සිදු වෙද්දී සිය දරුවා බැලීමට පැමිණි දෙමාපියන්ට ඇය සමග නිසියාකාරව අදහස් හුවමාරු කර ගැනීමට බාධා වන ආකාරයට නේවාසිකාගාරයේ පාලිකාවන් හැසිරී ඇති බවද පැවසෙනවා.

නිරන්තරයෙන් මෙම ස්ථානයේ මත්පැන් සාද පැවැත්වෙන බවත් ඊට බයිට් හදන්නේ නේවාසිකාගාරයේ පාලිකාව බවටත් කරුණු හෙළිවී ඇති ඇති බවයි වාර්තා වන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here