Friday, January 17, 2025

මහනුවර දුම්රිය ස්ථානයේ ගින්නේ සුලමුල

මෙවැනි ආකාරයේ වීඩියෝවක් ඔබත් දුටුවද? මහනුවර දුම්රිය ස්ථානයේදී දුම්රිය මැදිරි ගිනිගන්නා අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ වන විට Facebook තුළ Share වෙමින් පවතී.සැමවිටම සත්‍ය හා නිරවද්‍ය තොරතුරු ඔබවෙත ගෙන එන අප කළ විමසුමකින් හෙළි වූයේ මෙය වසර හයකට පමණ ඉහතදී වූ සිදුවීමක් බවයි.

මහනුවර දුම්රිය ස්‌ථානයේ ගාල් කර තිබූ දුම්රිය මැදිරි කිහිපයක්‌ 2011-07-22 වැනිදා පස්‌වරුවේ ඇති වූ හදිසි ගින්නක්‌ හේතුවෙන් දැවී විනාවී ගියේය.

2011-07-22 වැනිදා පස්‌වරු 2.45 ත් 3.00 ත් අතර කාලයේ එකවරම දුම්රිය මැදිරියකින් ගිනි දළු නැඟී ඇති අතර විනාඩි කිහිපයක්‌ ගතවනවාත් සමඟ ගින්න මැදිරි දෙකක්‌ පුරා පැතිරී ඇති අතර එකට ඈදා තිබූ අනෙක්‌ මැදිරි ඉක්‌මනින් ගලවා ඉවත් කර තිබේ.

එම ගින්න හේතුවෙන් දුම්රිය මැදිරි දෙකක්‌ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් එක්‌ මැදිරියකටද අලාභහානි වී තිබේ.

මහනුවර නාගරික ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව දුම්රිය කාර්ය මණ්‌ඩලය සහ මහනුවර පොලිසියේ මැදිහත්වීමෙන් ගින්න මර්දනය කළේය.

දුම්රිය වේදිකාවට පිටත්නර අංගනයේ නවතා තිබූ මැදිරියක්‌ තුළ ගින්නක්‌ ඇති වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කරන බව මහනුවර ප්‍රධාන දුම්රිය ස්‌ථානාධිපති සුනිල් ගුණතිලක මහතා පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියද වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර ඉදිරි පරීක්‍ෂණ සඳහා රජයේ රස පරීක්‍ෂක සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මහනුවර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක යූ. බී. පලිහවඩන මහතා පැවැසීය. 22 වැනිදා පස්‌වරුවේ ඇති වූ මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක්‌ සිදුවී නොමැත.

සිදුවූ අලාභය කොතරම්ද යන්න පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක්‌ හෝ සිදුකර නොමැත.

මහනුවරදී දුම්රිය මැදිරි ගිනි ගැනීමෙන් රුපියල් මිලියන 25 ක පමණ අලාභයක්‌ සිදුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ. පී. ආරියරත්න මහතා  පැවසීය.

උපුටා ගැනීමකි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles