මහනුවර පාසල් යළි විවෘත කිරීම එළඹෙන සඳුදා.!

0
782

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මහනුවර නගර සීමාව තුළ පිහිටා ඇති පාසල් පසුගිය දෙසැම්බර් මස 4 වන දින තාවකාලිකව වසා දැමු අතර එම පාසල් 45 න් 42 ක් එළඹෙන සඳුදා දින සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

අද (11) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පවසා සිටියේ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කලෙයිමගල් විද්‍යාලය හා තක්ෂිලා විද්‍යාලය හැර සෙසු පාසල් සියල්ල මෙලෙස විවෘත කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව කලාප අධ්‍යක්ෂතුමා විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ඇති බවත්, නිවාඩු කාලය තුළ අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රමවේද සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව හඳුන්වාදීමට නියමිත බව ද ලලිත් යු ගමගේ කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here