Tuesday, January 28, 2025

මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ නම වෙනස් කරයි

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලේ නම ”ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල”ලෙස වෙනස් කෙරෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා .

මහපොළ උසස් ශිෂ්‍යත්ව භාර අරමුදල සංශෝධනය සඳහා වන නීති කෙටුම්පත පෙරේදා (11) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා පවසා සිටියා

දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා මේ රටේ ආර්ථික ගැටලු පවතින දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා අත්වැලක් සැපයීමේ අරමුණෙන් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ඇති කළ බවත් ඒ මහතාගේ පුද්ගලික මුදල් වැය කර භාරකාර අරමුදලක් ලෙස පිහිටුවනු ලැබූ බවත් පසුව සංවර්ධන ලොතරැයිය දායක කර ගනිමින් විවිධ ව්‍යාපාරික ආයතන සහ පුද්ගලයන්ගේ මුදලවලින් මෙම අරමුදල ගොඩනැගුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වර්තමානයේ බිලියන 12ක පමණ වත්කමක් සහිත මෙම අරමුදලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් 15000කට වඩා වැඩි පිරිසකට වර්ෂයකට ශිෂ්‍යාධාර ලබා දේ.

මේ අනුව මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලෙහි නම ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීම , සභාපතිධූරය සඳහා ජනාධිපතිතුමා නම් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරයකු පත් කිරීම , භාරකාර අරමුදලේ සේවක කාරකාධීන් ඇතුළු පිරිස පොදු දේපල පනතට යටත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles