මහබැංකුවේ දෙවැනි පුටුව දවුලගල මහත්මියට

0
327

සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ කේ K.M.A.N. දවුලගල ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරයට පත්කර තිබෙනවා.

ඇය ප්‍රධාන ගණකාධිකාරි සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා මූල්‍ය පද්ධති ස්ථායිතා යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ලෙස සේවය කර ඇති අතර, බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ නීතිමය රාමුව සහ පාලනය සවිමත් කිරීම වෙනුවෙන් දායකත්වය සපයා තිබෙනවා.

ඇය දැනට දවුලගල මහත්මිය ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ ම‍ණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කරමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here