මහබැංකු අධිපතිගෙන් වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම කල් යයි

0
332

මහබැංකු අධිපතිගෙන් රුපියල් කෝටි 50 ක වන්දියක් සහ එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා  ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, අර්ජුන් ඇලෝෂියස්  ඇතුළු පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(26) තීන්දු කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඊට වන්දි වශයෙන් මෙම වන්දිය ඉල්ලා තිබිණි.
මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් මහතා ,අනිල් ගුණරත්න  සහ නලින් පෙරේරා   යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එස්.පර්තලිංගම් මහතා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කාර සමාගම් හි ගනුදෙනු සීමා කිරීමට අමතරව ඉකුත් 17 වැනිදා සිට ප‍්‍රාථමික ගැනුම්කරුවන් ලෙස කටයුතු කිරීමේ බලපත‍්‍රයද මේ වන විට අත්හිටුවා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ගැනීමට තවදුරටත් කල් ලබා දෙන ලෙසය. එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම කල් තැබීය.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින්,එහි නියෝජ්‍ය අධිපතිවරුන්, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පරීක්ෂක ඩබ්ලිව්.එන්.එස් ප‍්‍රනාන්දු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here