Friday, January 24, 2025

මහබැංකු අධිපතිට යන්නට ඉඩහරින්න -ඇමති එස්.බි .

 

සේවය අවසන් නිසා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට යන්නට ඉඩහැරීම ආණ්‌ඩුවට හොඳ දෙයක්‌ බව සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

මුදල් ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදයට එක්‌වෙමින් ඇමැති එස්‌. බී. දිසානායක මහතා මෙසේ ද කීය.

මේ ආණ්‌ඩුවේ සමහර කරුණු ගැන ශ්‍රීලනිප අපට ගැටලු තියෙනවා. අගමැති හා මුදල් ඇමැති සමඟ කතාකරලා විටින් විට අපි ඒවා වෙනස්‌කරගෙනත් තියෙනවා.

සමහර කරුණු අපිට අකමැත්තෙන් වුවත් ඉවසාගෙන ඉන්න සිදුව තිබෙනවා. අපි ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ සේවා කාලය අවසන් වෙමින් තිබෙන නිසා එයාට යන්න කියන්න. ඒක අගමැතිතුමාටත් හොඳයි. ජනාධිපතිතුමාටත් හොඳයි. අපේ මුදල් ඇමැතිතුමාටත් හොඳයි.

කෝප් කමිටුව ඊයේ රැස්‌වූ අවස්‌ථාවේදීත් මේ ගැන විශාල ප්‍රශ්න මතුවුණා. ඔහුගේ සේවා කාලය අවසන් වීමත් සමඟ එයාට යන්න අරින එක හොඳයි. ජනාධිපතිතුමා පසුගිය ඡන්ද කාළේ ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කළා. මහ බැංකු අධිපති ඉවත්කරන ලෙස අගමැතිවරයාට කිව්වා කියලා. ජනාධිපතිතුමා එවැනි ප්‍රකාශයක්‌ කළ පසු මහ බැංකු අධිපති යන්න ඕනේ. මේ පුද්ගලයා පිළිබඳ ගැටලුවක්‌ තියෙනවා. ඒ නිසා මේ කාලයෙන් පසුව ඔහුට යන්න අරින්න

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles