මහරගම නගරාධිපතිට ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී 21ක් ජාතික ගීය මැද විරුද්ධ වෙති

0
437

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාට අප්‍රසාදය පළ කරමින් එම නගර සභා රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබිණි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසි පස් දෙනාගෙන් විසි එක් දෙනෙකුම නගරාධිපතිවරයාට විරෝධය පළකර තිබුනේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමිනි.

මන්ත්‍රීවරුන් කියා සිටියේ එහි විනිවිදභාවයක් නැති බවත් සභා අනුමැතියකින් තොරව එය සිදු වූ බවත්ය.

ඊයේ දින ඇති වූ උණුසුම් තත්ත්වය මැද ජාතික ගීය වාදනය කරමින් නගරාධිපතිවරයා විසින් සභාව අවසාන කිරීමට කටයුතු කළ ද එය නොතකා මන්ත්‍රීවරුන් සභාව මැද විරෝධතා දියත් කළහ.

Lanka C News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here