මහරාජා ප්‍රතිමාවට කළ දේ ගැන ඉන්දියා⁣වෙන් පකිස්තානයට දොස්.

0
368

පකිස්තානයේ ලාහෝර් නගර බලකොටුවේ පිහිටුවා ඇති මහරාජා රන්ජිට් සිංගේ ප්‍රතිමාව කඩා බිද දැමීමට ඉඩදීම සම්බන්ධයෙන් ඉන්දියාව පකිස්තානයට දෝෂාරෝපණය කර තිබෙනවා.

කිසියම් පිරිසක් විසින් තඹවලින් නිමවා ඇති අඩි නමයක් පමණ උසැති මෙම ප්‍රතිමාවට හානි සිදු කර තිබුණේ අගෝස්තු 17 වනදායි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අර්ඉන්දම් බගාචි සදහන් කරන්නේ පකිස්තානය තුළ සුළු වාර්ගිකයන්ට ,ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික නිදහසට ඇති අයිතිය පිළිබද සැබෑ තත්වය මෙමගින් හෙළිවන බවයි.

මහරාජා රන්ජිට් සිං ලාහෝර් පදනමි කරගත් සීක් අධිරාජ්‍යයේ පළමු අධිරාජයා ලෙස සැලකෙන අතර ඔහු දශක හතරකට ආසන්න කාලයක් එය පාලනය කළා.

2019,වර්ෂයේ ජූනි 17 වනදාට යෙදුණු ඔහුගේ මරණයේ 180 වන සංවත්සරය සැමරීමට සමගාමීව ලාහෝර් බලකොටුව තුළ මෙම ප්‍රතිමාව ස්ථාපනය කෙරැණා.

එහෙත් මේ වනවිට අවස්ථා තුනක දී පමණ එය කඩා බිද දමා ඇති අතර එය ආරක්ෂා කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙන්ම,ඉන්දියාවේ සහ පකිස්තානයේ වෙසෙන සීක් ප්‍රජාව පකිස්තානයට දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here