Tuesday, January 21, 2025

මහවැලි මහාසෑය අද සිට බැතිපුදට…

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයක්‌ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් 1983 ඉදිකිරීම් ආරම්භ වූ කොත්මලේ මහවැලි මහා සෑය අද (20 දා) උත්සවාකාරයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සසුනට පූජා කෙරේ.

අනුරාධපුර රුවන්වැලි මහා සෑයට පමණක්‌ උසින් අඩි 2 ක්‌ අඩු කොත්මලේ මහවැලි මහා සෑය පුරා වසර 33 ක්‌ තිස්‌සේ ඉදිකිරීමේදී විවිධාකාරයෙන් දායක වූ ෙත්‍රෙනිකායික මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද ආරාධිතයන් විශාල පිරිසක්‌ ද මෙම අවස්‌ථාවට සහභාගි වන බව මහවැලි පදනම් භාරයේ සභාපති වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles