Friday, January 24, 2025

මහාචාර්ය නීලිකාගෙන් රටට සුබ ආරංචියක් !

එන්නත්කරණය මගින් සමස්ත ජනගහණයේ ප්‍රතිශක්තීකරණය යම්කිසි මට්ටමකට පැමිණි පසු, කොවිඩ් කුමන ප්‍රභේදය රටට පැමිණියද එතරම් බිය විය යුතු නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා. කොවිඩ් වසංගතයේදී දැනට පවතින ඩෙල්ටා ප්‍රභේදය ටිකෙන් ටික වෙනස්කම් වලට භාජනය වෙමින් නව ප්‍රභේද ඇතිවිය හැකි බවයි මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ.

කුමන අලුත් ප්‍රභේදයක් පැමිණිය ද එයට විසදුම ලෙස ඉදිරියට යා හැක්කේ එන්නත්කරණය මගින් බව ද ඇය අවධාරණය කළා.

1918 සහ 1919 වසර වල ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කෙතරම් ලෝකය පීඩාවට පත් කළාද කියනවා නම් ලොව පුරා මිලියන 50ක් පමණ ඉන් මිය ගිය බවද එය පළමු සහ දෙවන ලෝක යුද්ධ වලින් මිය ගිය ප්‍රමාණයට වඩා වැඩි බවද ඇය පෙන්වා දුන්නා.

ඉන්ෆ්ලුවෙන්සාවට එන්නත්කරණයෙන් ප්‍රතිශක්තිකරණය ලබාදුන් පසු වසරින් වසර අද දක්වා ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙහි ප්‍රභේද වෙනස් වෙමින් වැළදුණද, 1918 සහ 1919 වසරවල තත්ත්වය දක්නට නැත්තේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සම්බන්ධව මිනිසා තුළ ප්‍රතිශක්තීකරණය සෑදී තිබීම බවද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවා.

ඇය මේ බව සඳහන් කළේ පසුගියදා පැවැති වසංගතය නිමාවී ”වසන්තය එනවා සත්තයි” යන මැයෙන් පැවැති රූපවාහිනී විශේෂ වැඩසටහනකදී ය.

Asian Mirror

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles