Saturday, September 21, 2024

මහාචාර්ය නීලිකා මලවිගේට නව තනතුරක් හිමිවෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ COVID -19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය (C –TAP) පිළිබද WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස තෝරා ගෙන තිබේ.

ඒ 2021 සිට 2023 දක්වා කාලය සඳහායි.

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් මෙන්ම විවිධ පරාසයක දැනුම සහ ප්‍රවීණත්වය ඇති කීර්තිමත් විශේෂඥයින් 10 දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විතයි.

ඖෂධ, රෝග විනිශ්චය, එන්නත් සහ අනෙකුත් සෞඛ්ය නිෂ්පාදන සඳහා ප්‍රවේශය පිළිබඳ විශේෂඥයින්, මහජන සෞඛ්‍යයට නැඹුරු බුද්ධිමය දේපල පිළිබඳ විශේෂඥයින්, තාක්ෂණ හුවමාරු විශේෂඥයින්, ව්‍යාපාර සංවර්ධන විශේෂඥයන්, ඖෂධවල මිල නියම කිරීම, ප්‍රසම්පාදනය, අවශ්‍යතා ඇස්තමේන්තු කිරීම සහ/හෝ නියාමනය පිළිබඳ විශේෂඥයින් ඊට ඇතුළත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles