Saturday, September 21, 2024

මහාචාර්ය රිස්වි හසන් සංහිඳියා කාර්යාංශයේ පාලක සභාවෙන් ඉවත් වෙයි

අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ පාලක සභාවෙන් තමා ඉවත්වන බව මහාචාර්ය රිස්වි හසන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

එම කාර්යාංශය යටතේ ඉටුකිරීමට නියමිත කාර්යයන් වත්මන් ආණ්ඩුව බාර ගැනීමට සූදානම් නොවීම මත ඉල්ලා අස්වන බව එහි සඳහන් කර ඇත. එම කාර්යාංශය හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ පිහිටුවූ බවත් එම සමයේ එහි ඉතා හොඳින් කටයුතු කළ බවත් මහාචාර්යවරයා එහි සඳහන් කර තිබේ.

මහාචාර්ය රිස්වි හසන් මෙලස ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව “එක රටක් එක නීතියක්” කාර්ය සාධක බලකායේ සභාපති ලෙස බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පත් කිරීම බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණේ තමාගේ අනුදැනුමකින් තොරව “එක රටක් එක නීතියක්” කාර්ය සාධක බලකායේ සභාපති ලෙස බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පත් කිරීම හේතුවෙන් දැඩි කලකිරීමකට ලක්ව සිටින අධිකරණ ඇමති අලි සබ්‍රිද සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවය.

මහාචාර්ය රිස්වි හසන් ගෝටාබය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ වියත්මග සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

මූලාශ්‍ර අනිද්දා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles