මහා ඔන්ලයින් ගුරු වැඩවර්ජනය හෙට

0
441

මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කරන ඉගැන්වීම් කටයුතුවලින් හෙට සිට ඉවත් වීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා. සිය ගුරු සංගම් නියෝජිතයින් අනීතික ලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රදවා සිටීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ක්‍රියාත්මක කරන බවයි ගුරු සංගම් පැවසුවේ.

ඒ අනුව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය සහ විදුහල්පති සේවා සංගමය ඇතුලු ගුරු විදුහල්පති වෘත්තීය සමිති 11ක් හෙට සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වනු ඇති. කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුලු පිරිසක් මේ වන විට මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට යොමු කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here