Friday, January 24, 2025

ශ්‍රීලංකාවේ පොල් වතුර හොර පාරෙන් පිටරටට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පොල් නිෂ්පාදන හා අපනයන සමාගමක් වන එස් ඒ සිල්වා සමාගම මහා පරිමාණ ජාවාරමක් සිදු කර ඇති බවට හෙළිදරව් වී තිබෙනවා. වැරදි කේතයක් (HS code)  භාවිත කරමින් ඇමරිකා එක්සත් ජනපදයට පොල් වතුර අපනයනයට එම සමාගම උත්සාහ දරා ඇති අතර මේ පිළිබඳ ලද තොරතුරකට අනුව රේගුව මෙලෙස අපනයනය කිරීමට නියමිතව තිබූ කන්ටේනර් 14ක් සිය භාරයට ගැනීමට ක්‍රියා කළා. එස් ඒ සිල්වා සමාගම වීටා කොකෝ (Vita Coco) නමැති වෙළෙඳ සන්නාමය යටතේ විදේශයන්ට පොල් වතුර අපනයනය කරනු ලබනවා. එහෙත් එම සමාගම අධික මුදල් ඉපයීමේ අරමුණෙන් වෙළද නීතිවලට පරිබාහිරව වංචනික ලෙස කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. සමාගම වැරදි කේත අංකයක් භාවිත කරමින් එක්සත් ජනපදයට පොල් වතුර අපනයනය කර අඩු වටිනාකමකට එහිදී නිදහස් කරගෙන ඇති අතර පසුව ඒවා වැඩි මිලකට අලෙවි කරමින් විශාල ලාභයක් උපයාගෙන ඇති බව වාර්තා වනවා. මෙම වංචනික ක්‍රියාමාර්ගය හේතුවෙන් අහිමි වී ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවට හිමිවිය යුතු විදේශ විනිමයයි. ඒ අනුව මෙම එස් ඒ සිල්වා සමාගම අන්තර්ජාතික වෙළෙඳ නීති රීති පවා උල්ලංඝනය කරමින් මුළුමනින්ම සිදුකර ඇත්තේ බරපතළ මූල්‍ය හා වෙළඳ වංචාවක් බවට චෝදනා එල්ල වෙනවා. එස් ඒ සිල්වා සමාගම මෙම වංචනික ක්‍රියාව සිදු කරන්නේ  ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳාම ශක්තිමත් කර ගැනීම සඳහා රජය පාර්ශවයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටින තත්වයක් තුළදී යි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles