‘මහා විහාර සම්ප්‍රදාය’ නැවත පිහිටුවීමට ජනපති තීරණය කරයි…

0
373

මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම  ථෙරවාදී බුදුදහම පිළිබද හැදෑරිය හැකි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් ලෙස එය ස්ථාපිත කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් අද බැහැදුටු අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

ඉදිරියේදී සිදුකරන සිය ජපන් සංචාරයේදී මේ සඳහා ආධාර ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, තායිලන්තය, භූතානය වැනි බෞද්ධ රටවල දායකත්වය ලබා ගැනීමට ද අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

මේ අතර බෞද්ධ  විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම  සහ  ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාව ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් එහිදී පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

පසුගිය පෙබරවාරි 19 වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයේදී මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් කළ ඉල්ලීම පරිදි මෙම පනත් කෙටුම්පත මාස තුනක් ඇතුළත සකසා නැවත මහනායක හිමිවරුන්ගේ අනුශාසනාව සඳහා පිළිගැන්වීම  විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here