මහා සංඝරත්නය අත තියන්න යන අලුත් වැඩේ ගැන ජනපතිට කියයි

0
806

උගතුන් සහ වියතුන් පාර්ලිමේන්තුවට යැවීමට කි‍්‍රයාකරන්නේ නම් මහා සංඝරත්නය ඒ වෙනුවෙන් ද පෙනී සිටින බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළකළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානය වෙත ඊයේ (24) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීයි.

එහිදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප‍්‍රකාශ කළේ රටේ වෙනසක් සඳහා තැබූ පියවර ශක්තිමත් කිරීමට මහා සංඝරත්නයේ පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය හිමිවන බවයි.

මේ අතර ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට ද පැමිණියා. එහිදී විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියන් පැවසුවේ රට හරි අතට හැරවීමේ ප‍්‍රථම පියවර ජයගැනීමට ජනතාවට හැකි වූ බවයි.

අභියෝගවලට බිය නොමැති ජනාධිපතිවරයාට රට හමුවේ ඇති ගැටළුවලට විසඳුම් ලබාදීමට හැකියාව ඇති බවත්, ඒ සඳහා ඉවසීමෙන් කාලය සහ සහයෝගය ලබාදිය යුතු බවත්, වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here