Tuesday, October 22, 2024

මහින්දගෙන් නිත්‍ය මඩ කොම්පැනියක් !

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ප‍්‍රචාරක කටයුතු කරන පිරිස විසින් විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කරගෙන මඩ අවලාද නැඟීමේ නිත්‍ය ඒකකයක් පිහිටුවා ඇති බව අනාවරණය වේ.

මෙම ඒකකයට මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සහ බලයක් සහිත මාධ්‍යවේදීන් සිටින අතර මේ සියලු දෙනා බ‍්‍රහස්පතින්දා දිනවල සවස රැස් වී සති අන්තයේ පුවත් පත්වල සහ අනෙකුත් මාධ්‍යයන් මඟින් ප‍්‍රචාරය කළ යුතු කරුණු සහ මඩ අවලාද නැඟීම පිළිබඳ සැලැසුම් කරන බව අනාවරණය වේ.

මෙම කටයුතු වෙනුවෙන් එක් රූපවාහිනී නාළිකාවක් සෘජුව ම දායක වී ඇති අතර පුවත් පතකට මෑත දී පත් කර ගන්නා ලද ප‍්‍රධාන කර්තෘවරයකු ද යොදා ගැනීමට අවධානය යොමු කර ඇත.

මෙම ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පිහිටුවාගෙන තිබෙන නිත්‍ය ඒකකයට රාජපක්‍ෂ පාලන සමයේ දී මෙන් ම විශාල ගෙවීම් සිදු කරමින් තිබෙන බව වැඩි දුරටත් හෙළි වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles