Saturday, September 21, 2024

මහින්දගෙන් මෛත්‍රීට දුන් දුරකථන ඇමතුම

රාජපක්ෂ පවුලට අයත් ඩුබායි බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසමට ලබා දී වසරකට වඩා කාලයක් ගතවී තිබුණද මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි  සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

අද (19දා) කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසූයේ ඩුබායි බැංකු ගිණුම් සම්බන්ධයෙන් විස්තර ලබාගැනීමට ඩුබායිහි රජු වෙත යැවීමට ලිපියක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස් මහත්මිය ජනාධිපතිවරයාගෙන් ලබාගෙන ඇති අතර, ඒසඳහා ජනාධිපතිවරයා අත්සන් කර පැයක් ඉක්මයාමට මත්තෙන් මහින්ද රජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් විමසා ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සේනාරත්න අමාත්‍යවරයා,

“කෝටි ගණනන් ගහපු, බිලියන් ගණන් හොරකම් කරපු රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ, ලේකම්වරු ඉන්නවා. මේ කවුරුවත් ගැන කිසි දෙයක් නැහැ. සුළු සුළු දේවල් පස්සෙ පන්නනවා. මේක තමයි ජනාධිපතිතුමා එදා කතාවෙන් කිව්වෙත්.ඩුබායි බැංකු ගිණුම ගැන කතා කරන්න අරගෙන කොච්චර කාලයක් වෙනවාද? මේගැන විස්තර සියල්ලම ලබාදුන්නනේ.

නමුත් මොකද්ද කළේ?තමන්ට ලකුණු දාගන්න කට්ටිය වැඩකළා. ජනාධිපතිතුමා කිව්වා එතුමා ගාවට අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇවිත් ඩුබායි රජ්ජුරුවන්ට යවන්න ලියුමක් ඉල්ලා ගත්තා කියලා. මේ ඩුබායි බැංකුවේ තිබෙන රාජපක්ෂ පවුලේ ගිණුම් වාර්තා ගන්න තමයි මෙහෙම ලියුමක් ඉල්ලලා තියෙන්නේ. කරන්න බැරි වැඩකට තමයි මෙහෙම අත්සන් අරගෙන තිබෙන්නේ.

ජනාධිපතිතුමා මේ ලියුමට අත්සන් කරලා පැයක් යන්න කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කතාකළා කියලා ජනාධිපතිතුමාම කිව්වා. මහින්ද රාජපක්ෂට විරුද්ධව ලියුමක් ලියලා අත්සන් කරලා අධ්‍යක්ෂ ජනරාල්වරියට දුන්නා නේද කියලා  මහින්ද රාජපක්ෂ කතා කරලා ඇහුවලු. මේ කාරණය දන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරියත්, ආපු නීතිඥවරියත් විතරයි. එතකොට මේක කවුද කිව්වෙ කියලා ජනාධිපතිතුමාට ප්‍රශ්නයක්. යැයි කීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles