Saturday, September 21, 2024

මහින්දගේ බොඩිගාඩ්ට නඩු 05ක් වැටෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන පුද්ගලික ශරීර ආරක්ෂක නිලධරයා ලෙස කටයුතු කරන නෙවිල් වන්නිආරච්චි නැමැත්තා 2010 සිට 1014 දක්වා වසර 5 ක් වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අද (18) නඩු 5ක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ‍මේජර්වරයෙකුද වන නෙවිල් වන්නිආරච්චිට එරෙහිව ගොණු කළ එම නඩු 05ම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලීමටද නියමිත ය.

මේජර් නෙවිල් වන්නිආරච්චි සහ මහින්ද රාජපක්ෂගේ තවත් පුද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකු වන බ්‍රිගේඩියර් දමිත ගෝමින් රණසිංහට හා කපිතාන් තිස්ස විමලසේනට එල්ල වී ඇති අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවට වූ චෝදනා අනාවරණය වී ඇති හෙයින් එලෙස උපයාගත් මුදල් තැන්පත් කර ඇති බවට සැක කරන එම පුද්ගලයන්ගේ බැංකු  32ක හා මූල්‍ය ආයතන 47ක ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පසුගිය මාර්තු මස 10වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයටද නියෝග ලබා දී තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles