Monday, September 23, 2024

මහින්දට අනතුරක්‌ වුණොත් ආණ්‌ඩුව වගකිව යුතුයි ඒකාබද්ධ විපක්‍ෂය කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හමුදා ආරක්‍ෂාව ඉවත් කිරීමෙන් ඔහුගේ ජීවිතයට අවදානමක්‌, අනතුරක්‌ සිදුවුවහොත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්‌ඩුව වගකිව යුතු බව ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට සුවිශේෂී ආරක්‍ෂාවක්‌ ලබාදීම පක්‍ෂ භේදයෙන් තොරව ඇති වගකීමක්‌ බවත්, ආණ්‌ඩුව එම ජාතික වගකීම පැහැර හරින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ යුද හමුදා ආරක්‍ෂාව ඉවත් කිරීම ජනාධිපතිවරණයේදී දෙමළ බෙදුම්වාදීන්  සමඟ ඇති කරගත් ගිවිසුමේ එක්‌ කොන්දේසියක්‌ ද යන්න සාධාරණ සැකයක්‌ මතුවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කොටි ත්‍රස්‌වාදය පරාජයට පත් කිරීමේ හේතුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට තිබෙන අවදානම තවත් හිටපු ජනාධිපතිවරයකුට සංසන්දනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබෙන ජනප්‍රසාදයත් සමඟ එතුමා ජනතාවගෙන් පරාජය කළ නොහැකි බව ජාත්‍යන්තරයටම දැන් ලොකු ප්‍රශ්නයක්‌ වී ඇති බැවින් එතුමාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම ජීවිතය අවදානමකට ලක්‌ කිරීමක්‌ බවත් මෙය පිටුපස පව්කාර, බෙලහීන ඉතා නින්දිත කූට ව්‍යායාමයක්‌ ඇති බවත් රඹුක්‌වැල්ල මහතා සඳහන් කළේය.

යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රතිපාදනවල ප්‍රභූ ආරක්‍ෂාව පිළිබඳව සඳහන් ව තිබෙන බවත්, ඒ පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා නොදන්නේ නම් කනගාටුවට කරුණක්‌ බවත් ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles