Saturday, September 21, 2024

මහින්දට ජීවම් කළ සිංහාසනය

පැරැදුනාට පස්සේද මහින්දට රජකම ගැන දොළදුක පහව ගොස් නැත්තේ ය. මහින්දට රජ ඔටුන්නක් දුන්නේ දි.මු. ජයරත්න ය. ඉන් පසු දි.මු.ට අගමැතිකම ලැබුණේ ය. එසේ වුවත්, කඩුකස්තාන සහ සිංහාසනය නොමැති කාන්සාවෙන් නිතර ම පෙළුණේ ය. “ආයුබෝ වේවා මහරජාණෙනි” යන පැරැණි ප‍්‍රශස්තිවලින් තව තවත් තණ්හාව වැඩි වුණේ ය. කටුගේ බිඳ දුටුගැමුණු රජුගේ කඩුවක් සොරා ගත්තේ ය. එස්.ටී.එෆ්.එක දමා අනුරාධපුර වැවක් අද්දර නිධානයක් හාරා මැණික් එබ්බ වූ සිංහාසනයක් හෙව්වේ ය. රජකු වීමට අවශ්‍ය තවත් බොහෝ දෑ නිධානවලින් හොය හොයා ගියේ ය. අන්තිමට තිබුණු ජනාධිපතිකමත් ගහලා යනකම් සිංහාසනාරූඪ වීමට නොහැකි වූයේ ය. මේ බරපතල අඩුව අන්තිමට සම්පූර්ණ කර ගත්තේ කොරියාවේ දී ය.

වාර්තා වන අන්දමට තංගල්ලේ කාල්ටන් බංගලාවට නිතර ආගිය කට්ටඩිකම්වලටත් නමක් දිනා සිටි පුද්ගලයකු කොරියානු රස්සාවක් ලබා දී පිටත් කර ඇත්තේ මහින්ද විසින්ම ය. ලැබී තිබෙන තොරතුරුවලට අනුව ඔහු සරත් විතානගේ නම් පුද්ගලයෙකි. මහින්දගේ කොරියානු ගමනේ මූලික අරමුණක් වී තිබුණේ ජීවම් කරන ලද සිංහාසනයක වාඩි වීම බව හෙළි වන්නේ ය.

සිංහාසනය ජීවම් කිරීමේ කටයුතු කර ඇත්තේ සරත් විතානගේ නමැත්තා ය. මහින්ද හරි ම උජාරුවෙන් ඒ සිංහාසනයේ වාඩි වී සිටියේ ය. සිංහාසනය ජීවම් කර වඩා හිඳ වූ බව දැනගෙන සිට ඇත්තේ සරත් විතානගේ සහ අත්උදවු කළ දෙදෙනකු පමණ ය.

මහින්ද සිංහාසනයේ බොහො ම උජාරුවෙන් වාඩි වී සිටීම ගැන එතැන සිටි ඇතැමෙක් අප‍්‍රසාදයෙන් සිටි බව හෙළි වන්නේ ය. “මේ මොන මඟුලක් ද? ඕක පැත්තකට දානවා” කියලා සාමාන්‍ය පුටුවක වාඩි වූයේ නම් කෙතරම් හොඳ දැයි ඔවුන් කතා වී ඇත්තේ සිංහාසනයට ජීවම් කර තිබූ බව නොදැන ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles