මහින්දානන්දගේ ප්‍රකාශයට මෛත්‍රීගෙන් ප්‍රතිචාර – විස්කි බිබී ගෙවල් තුනක සිටින බව ඔප්පු කළහොත් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි

0
313

තමා ගෙවල් තුනක් යා කර සෑදූ නිවෙසක සිටින බවට මහින්දානන්ද අලුත්ගමගේ  ඇමැතිවරයා කළ ප්‍රකාශය ඔප්පු කළහොත් තමා මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බව හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවැසීය.

අළුත්ගමගේ ඇමැතිවරයාගේ ඒ ප්‍රකාශය ගැන තමා කනගාටු වන බවද හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනපතිවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තමාට මේ නිවස ලැබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් බවත් තමා පාවිච්චි කළ නිවෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවත් ඔහු පැවසුවේය.

තමා විස්කි බිබි කළැයි කියන සාකච්ඡාවක් ගැනද  ඔහු සඳහන් කර තිබූ බවත් තමා මත්පැන් සිගරට් බොන අයකු  නොවේ යයි තමා සිහිපත් කර දෙන බවත් සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එම ප්‍රකාශයෙන් පසු අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය  සම්බන්ධයෙන් තම ඉදිරියේදී ප්‍රකාශයක් කරන බව පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here