මහින්දානන්දට එරෙහිව විශ්වාසභංගයක්

0
297

පොහොර ගැටළුව විසදීමට තවදුරටත් කටයුතු නොකරන්නේ නම් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමට එරෙහිව විශ්වාසංභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ, ලබන සතියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ අනුව ප්‍රධාන විපක්ෂය ලෙස එවැනි මැදිහත්වීමක් නොකරන්නේනම් එය ගොවි ජනතාවට කරන අසාධාරණයක් බව මන්ත්‍රි තිස්ස අත්තනායක පැවසුවේය.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

“දැන් පොහොර ලබාදීමේ ප්‍රශ්නය ආණ්ඩුව අනාගෙන තිබෙන්නේ. ඇත්තටම රට පුරා ඇයි මේ විරෝධතා ඇතිවෙන්නේ ? මේ ගොවි විරෝධතා ඇතිවෙන්නේ ආණ්ඩු විරෝධී ක්‍රියාදාමයක් ලෙස නොවේ. ඔවුන් කියන්නේ ඔවුන්ගේ ඉල්ලීම් ලබාදෙන්න කියලා. එතකොට මේක නිරන්තරයෙන් ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පත්කරන්න මග පාදන්නේ වෙන කවුරුත් නොවේ ආණ්ඩුවමයි. සමගි ජන බලවේගය විදිහට අපි ඉතාමත් පැහැදිලිව කියනවා මේ ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව කල්ගත්තා වැඩියි. ඒ නිසා ආණ්ඩුවේ අසමත්කම මෙයින් ප්‍රදර්ශනය වෙනවා. විෂය භාර ඇමතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්නේ නැතිනම් ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව විශ්වාසභංගත්වයක් ඇතිවෙලා තිබෙනවා යැයි කියන කාරණය පදනම් කරගෙන විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන්න අපිට සිදුවෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here