කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් රුවන්ජිත් යන අයට එරෙහිව, අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම මගින් පවරා ඇති නඩුව ඉල්ලා අස්කර නොගන්නා බව, එම කොමිසම, කොළඹ විශේෂ ත්රීපුද්ගල මහාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.
ඒ අනුව, අදාල නඩුවේ සාක්ෂි විභාගය මැයි මාසයේ 10 වන දිය ආරම්භ වීමට නියමිත ය.
2015 ජනාධිපතිවරණය සමයේ දී පාසල් අතර බෙදා හැරීම සදහා සතොස මගින් ආනයනය කරන ලද කැරම් බෝර්ඞ් තොගයක්, වෙනත් කටයුතු සදහා යොදා ගැනීමෙන් රුපියල් ලක්ෂ පන්සියයකට ආසන්න මහජන මුදලක් අවභාවිතා කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම මගින් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සහ එවකට සතොස සභාපතිවරයා වූ නලින් රුවන්ජිත් ප්‍රනාන්දු යන අයට එරෙහිව නඩු පවරා තිබේ.