මහින්දානන්ද තරම් ජනතාවට එපා වෙච්ච, අසාර්ථක ඇමතිවරයෙක් ලංකා ඉතිහාසයේම නෑ – වෙල්ගම

0
260

මහින්දානන්ද අලුත්ගමගේ මහතා තරම් මහජනතාවට එපා වුණු, අසාර්ථක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකා ඉතිහාසයේම නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. 

“මං හිතන්නෙ ලංකා ඉතිහාසෙම මහින්දානන්ද මහත්තයා වගේ මහජනතාවට එපා වෙච්ච කළකිරිච්ච අසාර්ථක ඇමතිවරයෙක් මම නම් මගෙ ජීවිතේට දැකලා නෑ. කතා කරපු තරමක් කළේ බොරු. කියපු තරමක් කිව්වෙ බොරු. එතුමා කියනවා රසායනික පොහොර ගේන්නෑ, කාබනික පොහොර පමණයි කියලා. නමුත් රසායනික පොහොර තමයි දැන් එන්නෙ. දැන් ඔය එන දියරයත් රසායනිකයි. ඒකෙ ඇති කාබනිකයක් නෑ. ඒවගේ පිටරටින් ගේන හාල්වල ? ඒ හාල්වල තියෙනවාද කාබනික ? කිසිම කාබනිකයක් නෑ, ඒවාත් සම්පූර්ණ රසායනික. 

අද රසායනික පොහොර නැතුව යන්න බෑ. මේක කරගත්තෙ වැරැද්ද, මේගොල්ලන්ට කරන්න තිබ්බෙ 25% ගාණෙ අඩු කරන්න. මේ එක පාරටම කෙරුමා වෙන්න ගියානෙ. එක පාරටම ලෝකෙට පෙන්නන්න ගියා මම තමයි ලෝකෙම පළමුවෙන්ම කාබනික පොහොර 100%ක් වෙනස් කරේ කියලා. මහින්දානන්ද තරම් ගුටිකන මන්ත්‍රීවරයෙක් මම දැකලා නෑ. මම වගේ මිනිහෙක් නම් මෙලහකට සිය දහස් වාරයක් ඔය ඇමතිකමෙන් අස්වෙලා ගෙදර ගිහිල්ලා” 

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here