Sunday, September 22, 2024

මහින්ද ඉන්දියාවට දුන් තෙල් ටැංකි වලට සත පහක්වත් ගෙවා නෑ-ඒකාබද්ද විපක්ෂය ගොළුවෙයි

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු තෙල් සමාගමට පවරා ඇති ගිවිසුම වලංගු නොවන බැවින් වහාම එම තෙල් ටැංකි පවරා ගන්නා ලෙස කෝප් කමිටුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී තිබේ.
මෙහි තෙල් ටැංකි 14 ක් ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට අදාළ මූලික ගිවිසුම 2003 වර්ෂයේදී අත්සන් කර ඇති අතර එම අත්සන් කළ දිනයේ සිට මාස 6 ක් ඇතුළත බදු ගිවිසුමක් අත්සන් කළ යුතුව ඇතත් මේ දක්වාම එවැනි ගිවිසුමක් අත්සන් කර නොමැති නිසා මෙය වලංගු නොවන ගිවිසුමක් බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.
ඉන්දියානු තෙල් සමාගම මෙම තෙල් ටැංකි පාවිච්චි කිරීම වෙනුවෙන් ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට මෙතෙක් කිසිදු මුදලක් ගෙවා නැති බවද මෙහිදී අනාවරණය වී ඇත. මීට අමතරව ඉතිරි තෙල් ටැංකි 85 තවමත් පාවිච්චි කළ හැකි තත්ත්වයෙන් පවතින බව විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යවා සොයා බැලීමේදී අනාවරණය වී තිබෙන බවද කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. වලංගු නොවන ගිවිසුමක් පදනම් කර ගනිමින් ඉන්දියානු තෙල් සමාගම වසර 13 කට අධික කාලයක් අති විශාල ලාභයක් උපයා ඇති බවද ඔහු කීය.
වලංගු නොවන ගිවිසුමක තවදුරටත් රැඳී නොසිටිය යුතු බවද කෝප් කමිටුව මගින් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.  ඉරිදා ලංකාදීප

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles