Saturday, September 21, 2024

මහින්ද ගෝඨා හරහා ගත් ඉඩම් අක්කර 800ක් -මෛත්‍රී ආපසු දෙයි

පසුගිය මහින්ද රජපක්ෂ ආණ්ඩුව වේරැස් ගඟ ව්‍යාපෘතිය යටතේ කැස්බෑව ආසන බල ප්‍රදේශයේ ජනතාවගෙන් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සියලුම ඉඩම් නැවත ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

වේරැස් ගඟ ව්‍යාපෘතිය යටතේ කැස්බෑව ආසන බල ප්‍රදේශයේ ඉඩම් අක්කර 800කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ආකාරයට ලබාගෙන තිබූ අතර, මෙම ඉඩම් ප්‍රමාණයට පුරාණ රජමහා විහාරයක සහ තවත් විහාරස්ථානයක ඉඩම්ද අයත්ව ඇත.

මේ පිළිබඳව ප්‍රදේශයේ විහාරස්ථාන හා ජනතාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර තිබෙන අතර, එම දැනුවත් කිරිමට අනුව ජූලි පළමු වැනිදාඅදාළ ඉඩම් මුදාහැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles