මහින්ද දේශප්‍රියගෙන් තාවකාලික සමුගැනීමක්

0
332

ඇසේ සිදු කොට ඇති හදිසි ශල්‍යකර්මයක් හේතුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රි මහතා හට සති කිහිපයක විවේකයකින් පසුවන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇත.

තමාට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් සමාජ ජාල පරිශීලනයට කෙටි විරාමයක් තබන බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සිය Facebook පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

පසුගිය 06 වන සෙනසුරාදා සිය වම් ඇසෙහි ශල්‍යකර්මයක් සිදුකළ බවත්, ඒ අනුව නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31 දින දක්වා හෝ ඇතැම් විට එයිනුත් ඔබ්බට යනතෙක් එසේ කෙටි විරාමයක් තැබීමට සිදුවෙනු ඇති බවයි එම සටහනෙන් ඔහු පෙන්වා දෙන්නේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here