Friday, September 20, 2024

මහින්ද නැති දේශපාලන අනාගතයක් කිසිකෙනෙකුට යන්න බෑ

“මහින්ද සුළග හැදුවෙ ඇයි ? මහින්ද සුළග නැතිව යන්න බැරි නිසා කාටවත්. ඔබතුමාගේ ඡායාවට හැංගිලා තමයි ඔක්කොම අය දේශපාලනය කළේ. ඔබතුමා නැති, ඔබතුමාගෙ නම නැති රැස්වීමක් කරන්න බැරිවුනා කාටවත්. ඒක තමයි තිත්ත ඇත්ත. මේව හැමෝම දැනගන්න ඕනෙ. ඔබතුමා තමයි චරිතය. ඔබතුමාව පෙන්නුවොත් තමයි ඒ චරිත වලට පවතින්න පුළුවන්” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නාරම්මල දී පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නාරම්මල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩ්දුරටත් අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍යවරයා මෙසේද කීය.

“අද අපි මේ දිස්ත්‍රික්කයේ ඉන්නෙ ඔබතුමා නිසා. අපිට මිනිස්සු සලකන්නෙ ඔබතුමා එක්ක ඉන්න නිසා. මේ හම දේශපාලන නායකයෙකුටම මිනිස්සු සළකන්නෙ ඔබතුමා එක්ක ඉන්න නිසා. ඒක තමා යථාර්ථය. අපි යන තැනක අපිට පිළිගැනීම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක ඉන්න නිසා. ඒක හැමෝම පිළිගන්න ඕනෙ. ඒ නිසා ඔබතුමාව පෙන්නල කාටවත් වෙන දෙයක් කරන්න බැහැ. එදා ගෝඨාභය මහත්තයව සුගතදාස එකට ගෙනල්ලා ඔබතුමා කිව්වා මගේ බාල සහෝදරයා. පවුලේ කෙනෙක් වගේ හිතලා උදව් කරන්න කියලා. ජනතාව ඒක අහලා හැටනම ලක්ෂයක් දුන්නා. ඔබතුමාටත් වැඩියෙන් ඡන්දය දුන්නා. ඒ ඔබතුමාගේ එක වචනයට. මිනිස්සු දැක්කා 2015 න් පස්සෙ ඔබතුමා නැති යුගයට මොකද්ද වුනේ කියලා. රාජපක්ෂලට ගහපු පහරදීම් වලට මිනිස්සු කෙළෙහිගුණ දැක්වුවා අන්තිමට. ඔබතුමාට විරුද්ධව හිටපු අයත් ඔබතුමාගෙ වැඩපිළිවෙළ පිළිගත්තා. ඒ නිසා තමයි උතුරෙ බලවේග නැගෙනහිර බලවේග සහ ජාත්‍යන්තර බලවේග ප්‍රේමදාස මහත්තයට උදව් කරද්දි ගෝඨාභය මහත්තය දිනුවේ.

අද අපිට නොයෙකුත් අභියෝග තියෙනවා. 2015 න් පස්සෙත් ඔබතුමා ජනාධිපති වෙලා හිටියනම් කොවිඩ් නෙමේ මොන අර්බුදය ආවත් අපේ ආර්ථිකය වැටෙන්නේ නැහැ. ඔබතුමා හදපු ආර්ථිකය විනාශ කෙරුවා. ඔබතුමා හදපු ජාතික ආරක්ෂාව විනාශ කෙරුවා. ඒ නිසා තමයි ඩොලර් නැතිවුනේ. සහරාන්ල ගැහුවට පස්සෙ තමයි මේ රටට විදේශිකයො එන එක නතර වුනේ. එතනින් තමයි වැටෙන්න පටන් ගත්තේ ඩොලර් සංචිතය. ඊට ඉස්සරලා ආර්ථිකය වැට්ටුවා. ඔබතුමා හදපු ආර්ථිකය වට්ටල අන්තිමට ඇෆ්ගනිස්තානය එක්ක අන්‍තිම තැනට තරග කරන්න අප්ට සිද්ධවුණා. මේක තමයි යතාර්ථය.” යනුවෙන් ඇමතිවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles