Saturday, September 21, 2024

මහින්ද පිලෙන් මහින්දානන්දට කැපිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඔත්තුකරුවකු යැයි මහින්ද පිලේ ක්‍රියාකාරීන් තුළ බරපතල සැකයක් මතුව ඇතැයිද එම සැකය වර්ධනය කිරීම සඳහා මහින්දානන්දට විරුද්ධ පාර්ශව දෙකක් කටයුතු කරමින් සිටින්නේ යැයිද වාර්තා වේ.

මහින්ද පිලේ පිරිසක් ආණ්ඩුවට එක්වන්නේ යැයි පසුගිය දිනවල ප්‍රවෘත්ති පල වූ අතර ඒම පෘත්ති සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතා විසින් එම ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටින බවය.

මහින්දානන්ද සම ගණුදෙනු කිරීමේදී ප්‍රවේසම් වන ලෙස ඩලස් අලහප්පෙරුම, විමල්වීරවංස හා උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් මේ වනවිටත් මහින්ද වාදී පහළ සාමාජිකයන් වෙත කියමින් යන අතර ඒ බව තහවුරු වන උදාහරණද ඔවුන් විසින් පෙන්වාදෙමින් තම පහළ සාමාජිකයන්ට ඒ බව තහවුරු කමින් සිටින බවද වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ  ‘පා ගමන’ සංවිධානය කිරීමට ක්‍රියාකාරිව මැදිහත් වුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බරපතල ලෙස විවේචනය කරන්නෙකු වුත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් නොකර, ජනාධිපතිවරයාව එතරම් විවේචනය නොකර ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීම යන කරුණද ඔවුන් මහින්ද වාදී සාමාජිකයා තුළ අළුත්ගමගේ සම්බන්ධ සැකය වර්ධනය කිරීමට එක් කර තිබේ.

එසේම, මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශනයන් හිදී ඔහු රජයේ දේපල හා මුදල් අවභාවිතා කර ඇතිබව තහවුරු වී ඇති අතර ඊට අදාළ වාර්තා නිතිතිවරයා වෙත බාරදී මාස කිහිපයක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් නඩු පවරා නොමැති වීමද බරපතල සැකයට බඳුන්ව ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇමතිවරයකු ලෙස සිටියදී මිලදී ගෙන ඇති නිවාස, ඉඩකඩම් ආදී රුපියල් ප්‍රකෝටි ගණනක දේපල මෙන්ම ඔහුගේ බැංකු ගිණුම්වල තිබු කෝටි ගණනක් මිල මුදල් උපයාගත් ආකාරය ඔප්පු කිරීමට නොහැකි වීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුට එරෙහිව නිතිපතිවරයට වාර්තාවක් ලබා තිබේ.

එසේමෙ ක්‍රීඩා ඇමතිව සිටියදී කිසිඳු ටෙන්ඩර් පටිපාටියකින් තොරව, රජයේ ව්‍යාපෘති 40ක් ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට ලබාදීම සම්බන්ධයෙන‍ෙද මහින්දානන්ට චෝදනා එල්ලවී ඇත.

මෙලෙස වත්කම් උපයාගත් ආකාරය පෙන්වීමට නොහැකිවූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව පමණක් නොව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානි හා  ශ්‍රී ලංකා යුද හමුදාවේ ‍මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චි මහතාට එරෙහිවද වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් රජය මේවනවිට නඩු පවරා ඇතත් මහින්දානන්ද සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඔහු මෛත්‍රි පාර්ශවය වෙනුවෙන් මහින්ද පිලේ ඔත්තු බැලීමේ කාර්යය හරියාකාරව ඉටුකරන නිසා යැයිද ඔවුන් තැන තැන ප්‍රකාශ කරමින් සිටියි.

මහින්දානන්ද මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාගේ උපදේශකයින් පිරිසක් සමග පසුගිය මාස කිහිපයෙහි සාකච්ජා පැවැත්වූ බවටද පුවත් වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මහින්ද පිලේ මන්ත්‍රීවරුන් පසුව ප්‍රකාශ කර සිටියේ එම සාකච්ඡා සිදු කරනු ලැබූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද දැනුවත්වීම මත බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles