මහින්ද රාජපක්ෂ මහත්තා ශ්රීලනිපය කඩා දමා වෙනත් පක්ෂයක් හැදීමට මේ වනවිට බිය වී ඇති බවත් ශ්රීලනිපය පක්ෂ කැඩීම උරුමකරගෙන බිහිවූ පක්ෂයක් බවත් බිය නොවී පක්ෂය කඩන්නැයි තමන් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් උදය ගම්මන්පිල මහතා පවසයි.
මහින්ද රාරජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන එලියට පැමිනීමට තවමත් අදිමිදි කරන්නේ පක්ෂය කැඩුවේ යැයි තමන්ට එල්ලවන ප්‍රහාරය නිසා යැයි ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපන්නේම පක්ෂ කඩාගෙන බවත් එසේ නොවුනානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති බැවින් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද කැඩිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී ය.