මහින්ද යුගයට වඩා 11 ගුණයකින් ඩෙංගු රෝගින් ඉහළ යෑම ලෝක වාර්තාවක්-ඇමති නිමල් සිරිපාල

0
362

එදා එනම් මහින්ද යුගයේ සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස සිටින යුගයේ ඩෙංගු රෝගීන් නමදාහක් සිටින විට තමාට දිගට හරහට මාධ්‍ය මගින් ගැසු බවත් කාටුන් අදිමින් සමච්චලයට පත් කල බවත් අද ඩෙංගු රෝගින් ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ නිසා අද තමා ඒ යුගයේ එල්ල වු චෝදනාවලින් නිදහස් බව මහත් ආඩම්බරයෙන් වර්තමාන ආණ්ඩුවේ සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඩෙංගු මර්ධන වැඩසටහනකට සහභාගි වෙමිනක් පැවසිය.

එදා මහින්ද යුගයේ සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් වු අතර ඉන්පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන දිනය තෙක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍යය අමාත්‍යවරයා, අද ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වන අතර ඔහු යටතේ සම්මුති ආණ්ඩුවේ අද දක්වා සෞඛ්‍යය අමාත්‍ය ධූරය හොබවන්නේ දොස්තර රාජිත සේනාරත්න මහතායි.

ඒ අනුව බලන කළ අද වනවිට මහින්ද යුගයට වඩා 11 ගුණයකින් ඩෙංගු රෝගින් ඉහළ යෑම ලෝක වාර්තාවක් විය හැකි අතර මෙයට වගකිවයුත්තෝ මහින්ද රාජපක්ෂ හෝ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලිය.

නමුත් මෛත්‍රී ආණ්ඩුවෙත් නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් අමාත්‍යවරයෙකු නිසා මෙම ආණ්ඩුවට එල්ලවන චෝදනාවලින් කොටසක වගකීම අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම යටතේ ඔහු වෙත ද පැවරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here