Wednesday, October 30, 2024

මහින්ද ශ‍්‍රීලනිපය නැති කලා.. මෛත‍්‍රී ශ‍්‍රීලනිපය ගොඩ දැම්මා.. 2020ත් ජනාධිපති ඔහුමයි..

කලබල නැතිව හිටියෝතින් අනාගතයේ හොද කාලයක් උදා වෙනවා. දැන් රට හැදෙනවා මිනිස්සු හැදෙනවා. කාලයාගේ ඇවෑමෙන් ජනතාව අපේක්ෂා කරන වැඩ පිළිවෙල ක්‍රියාතමක වෙමින් පවතින බව හිටපු ඇමති හිනිදුම ශ්‍රීලනිප සංවිධායක පියසේන ගමගේ මහතා පවසයි.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද පැවසීය.

කවුරුන් මොනවා කීවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කොතැනද තියෙන්නේ කියලා පෙන්නන්න හොඳම තැන තමයි මෙවර සංවස්තරය අපි බලාපොරොත්තු වෙනවා. 2020 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බිහි කිරීම සඳහා ඒ සඳහා ඒ ගමන් මාර්ග ය යන්න පක්ෂය ශක්තිමත් කිරීම පෙරදැරි කරගෙන තමයි මෙම සංවස්තරය පවත්වන්නේ පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබුණ නමුත් පක්ෂයේ නම විතරයි තිබුනේ. ඒ කාලේ පක්ෂ ප්‍රතිපත්ති පක්ෂයේ අරමුණ පක්ෂය ආරම්භ කරපු දිවංගත බණ්ඩාරනායක මහත්මාගේ බණ්ඩාරනායක මැතිනිය ගැන කිසිම සඳහනක් තිබුනේ නෑ. පහුගිය කාලේ ඒ අය ගැන කරන්න දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්න කවුරුවත් හිටියේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමට විතරයි තිබුණේ පහුගිය කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවුලේ බූදලයක් වෙලා තිබුණ අය පවුලේ බූදලයක් විදිහට තමයි ඒක අරගෙන ගියේ

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැබෑ වෙනසක් අද අපි දකිනවා දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතාණන් අරගල කරලා ආරම්භ කරපු මේ පක්ෂය බණ්ඩාරනායක මැතිනිය ඉදිරියට ගෙනියපු මේ පක්ෂයඊට පසුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මැතිනිය මේ පක්ෂය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන ගියා. ඊට පසුව පැමිණි නායකත්වයත් තුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් තමයි පැවතුනේ .නමුත් ඒ කාලය තුල ශ්‍රී ලංකා නිදහස් පාක්ශිකයන් තුල පක්ෂය ගැන හැඟීමක් නැතිවුනා. පක්ෂයේ අරමුණුවලන් ඒකාලයේ අපි ඉවත් වුනා. ඒ කාලයේ පක්ෂයේ අය පක්ෂය ගැන හැඟීමක් නැතිව කටයුතු කළේ. එදා ඉදල හිටපු පාක්ෂිකයට බලය බෙදල තිබුනේ නෑ. ඔවුන් සිර කරලා තිබුනේ.

පක්ෂයේ ලේකම් වශයෙන් අවංක හොද පක්ෂය වෙනුවෙන් ජීවිතය කැප කරපු නායකයෙක් වශයෙන් පක්ෂය ගැන හොද අවබෝධයක් හොද අත්දැකීමක් තියනවා. අනාගතයේ පක්ෂය යන්න ඕන කොතනද කියලා දැන් ඉන්න පක්ෂ නායකයා දන්නවා. එතනට තමයි මේ පක්ෂ නායකයා අපේ ජනාධිපතිවරයා පක්ෂය ගෙනියන්නේ. අනාගත අපේම ආණ්ඩුවක් සඳහා යන වැඩ පිළිවෙලක් තමයි මේ මොහොතේ අපි ක්‍රියාත්මක් කරගෙන යන්නේ. හිටපු තිබුණු ආණ්ඩුවේ සහ දැන් තියන ආණ්ඩුවේ ත් මැති ඇමතිවරුන්ට එන චෝදනා විභාග කරන්නට, නිසි දඩුවම් දෙන්නට, අවශ්‍ය නීති කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ නිසා වැරදි කරපු අයට නිසි දඩුවම් දෙන්න කටයුතු කරලා තියනවා. දැන් තියෙන වෙනස තමයි විපක්ෂයේ අයට පමණක් නෙවෙයි ආණ්ඩුවේ අයත් වැරදි කරොත් දඩුවම් ලැබෙනවා.

අධිකරණ ක්‍රියාමාර්ගය නිසි පරිදි නිසි දිශාවට යොමු කරමින් ඉක්මනින් තීන්දු ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කලද පසුගිය ආණ්ඩුවේ හිටපු නායකයන් ඉලක්ක කරගෙන අධිකරණ පිහිටු වීම සම්බන්ධයෙන් මාගේ එකඟතාවයක් නෑ. මටත් නඩුවක් තියනවානේ. ඒකත් දැන් අවුරුදු දෙකක් විතර ඇදිලා ගියා. ඒ හින්දා මම ඒ ගැන කියන්නේ නෑ

2020 එන්නේ ජනාධිපති මැතිවරණය. ඒකට ඉදිරිපත්වෙන්නේ අපේ වත්මන් නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. එතුමා තමයි අපි ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්නේ. ඔහුට සමකල හැකි වෙන කෙනෙක් නෑ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න. හිටපු ජනාධපති මහින්දට හා චන්ද්‍රකාට ඉදිරිපත් වෙන්න හැකියාවක් නෑ. එහෙම නම් ඉතින් එන්න තියෙන්නේ පොහොට්ටුවේ නායකයා ජී.එල්. තමයි. එතුමා ගැන ඉතින් මම කියන්න දෙයක් නෑනේ. ඒ නිසා අපිට දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ ජනාධිපතිවරයා ඊලඟ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මේ රටේ වැඩිම පක්ෂ ගානක , වැඩිම ජන කොට්ඨාශයකම වැඩි විශ්වාසය සමඟින් තමයි ජනපති මෛත්‍රී ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වයට එන්නේ. ඒ නිසා මෛත්‍රී ජනාධිපතිවරයාට අභියෝගයක් නෑ. අපි දැන් මේ වෙන කොට ඉදිරි ජනාධිපතිවරණය පිළිබදව දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles