මහින්ද සුළඟ ක්‍රියාත්මක කළ නිසා මට නඩු දැමිමා – අදාළ නඩුවෙන් මා නිදොස් කර නිදහස් කරන්න

0
317

තමන්ටත් තම බිරිඳටත් යහපාලන රජය සමයේ නඩු පැවරුවේ මහින්ද සුළඟ ක්‍රියාත්මක කළ නිසා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමත් එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහාත් ව්‍යාපාරයකුට තර්ජනය කළ රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටියේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක විත්තියේ සාක්ෂි ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අමාත්‍යවරයා කියා සිටියේ 2015 ජනාධිපතිවරණයෙන් පසු තමන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට මහින්ද සුළඟ රටපුරා සංවිධානය කළ නිසා මෙසේ දේශපාලන පලිගැනීමට නඩු පැවරූ බවයි.

තමන් මහ ඇමතිවරයකු ලෙස කිසිදු නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් සිදු කර නැති බවද පැවසූ ඔහු අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙසද ඉල්ලා සිටින බව පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here