මහින්ද UK යයි…

0
401

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උස්වැටකෙයියාව මුහුදු තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, “එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට අගමැතිවරයා එලෙස නිරීක්ෂණ චාරිකාවට එක්වු බවය.

නෞකාවේ ගින්නෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි අගමැතිවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.

මේ අතර එලෙස ගිනිගැනීමට ලක් වූ නෞකාව හේතුවෙන් මුහුදු ජලය, මුහුද පතුල මෙන්ම වෙරළ කළාපය විනාශ වී ඇති බවට නිරීක්ෂණය වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහිදී ජීවනෝපාය කර ගැනීමට නොහැකිව අසරණ වූ ධීවර පවුල් වෙත කඩිනමින් සහන සලසන බවට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here