මහීෂ් තීක්ෂණ IPL චෙන්නායි කණ්ඩායමට මිලදි ගත්තාට කොටි හිතවාදීන්ගේ විරෝධය

0
515

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක මහීෂ් තීක්ෂණ මිලදී ගැනීම පිළිබඳව කොටි හිතවාදීන් බලවත් සේ කලබල වී තිබේ.

ශී‍්‍ර ලංකා හමුදාව නියෝජනය කරන කී‍්‍රඩකයකු වන මහේෂ් තීක්ෂණ චෙන්නායි පිලට බඳවාගැනීම දෙමළ ජනතාවට නිග‍්‍රහයක් බව කොටි හිතවාදීහු ප‍්‍රකාශ කරති.

කොටි හිතවාදීහු ‘‘සිංහල කී‍්‍රඩකයා චෙන්නායි පිලෙන් නෙරපනු’ මැයෙන් ට්විටර් ඔස්සේ විවිධ ප‍්‍රචාර ගෙන යති. එසේම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ද වර්ජනය කළ යුතු බව ඔවුහු ප‍්‍රචාරය කරති.

චෙන්නායි කණ්ඩායම මහේෂ් තීක්ෂණ මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 70 කටය.

පාකිස්තාන කී‍්‍රඩකයන් ඉන්දීය අයි. පී. එල්. තරගාවලියට එක්කර නොගන්නා ලෙස ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින්ව ද මේ තරගාවලියට බඳවා නොගත යුතු බව කොටි හිතවාදීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here