මහේස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිට අශෝබන ලෙස හැසිරුණ කොස්තාපල්ට ලැබුණු දඩුවම

0
303

බලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් නිල නිවස ඉදිරිපිට රාජකාරී නිල ඇඳුමෙන් බීමත්ව අශෝබන ලෙස හැසිරීම හේතුවෙන් ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ පොලිසිය විසින් අදාල පොලිස් කොස්තාපල්වයා අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අම්බලන්ගොඩ පොලිසියට අනුයුක්ත මෙම කොස්තාපලවරයා ඊයේ (24) සවස 6.00 සිට අද (25) අලුයම 6.00 දක්වා මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිට ඇති බවයි වාර්තා වන්නේ.

කොස්තාපල්වරයා රාජකාරී වේලාවේ බීමත්ව මෙලෙස අශෝබන ලෙස හැසිරී ඇති අතර මහේස්ත්‍රාත්වරයා විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම් දීමක දී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කොස්තාපල්වරයා බලපිටිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු බීමතින් සිට ඇති බවට තහවුරු වී තිබෙනවා.

සැකකාර කොස්තාපල්වරයා අද (25) බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here