මහ කන්නයේ කුඹුරු ඉඩමි හෙක්ටයාර් ලක්ෂ පහක වැඩ පටන් අරන්

0
490

මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර් ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පොළොන්නරුවේ උපවාස කරන ගොවීන් අතර නියම ගොවීන් කී දෙනකු සිටී දැයි සොයා බැලිය යුතු බව කී අලුත්ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එ් උපවාසකරුවන් අතරට ගොස් නොයෙක් දේ පවසා තිබූ බව ද හිටපු ජනාධිපතිවරයකු කී දෙයක් හෙයින් තමා ඊට උත්තර නොදෙන අතර තම උත්තර දුන්නොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පාරේ බැස යන්නට නොහැකි වනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

පේරාදෙණිය ගන්නොරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ පැවැති සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here